Header Ads

Breaking News
recent

පොහොට්ටුව රටටම නින්දාවක්.. ඔබට රට පාලනය කරන්න බෑ - තෙල් මිල වැඩි කිරීම ගැන සජිත්ගේ විරෝධය!

රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විරෝධය පලකරයි.

ඔහු මේ සම්බන්ධයෙන් තම සමාජය ඉදිරියේ තබා ඇති සටහන මෙසේය.

”92 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 20කින්ද, 95 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 23කින්ද, ඔටෝ ඩීසල් රු. 7කින්ද, සුපර් ඩීසල් රු. 12කින්ද, භූමිතෙල් රු. 7කින්ද ඉහළ දමා තිබේ.

පොහොට්ටු ආණ්ඩුව පිළිබඳ ඇත්තේ ලැජ්ජාවකි.

මෙය මුලුමහත් රටටම නින්දාවකි. ඔබට ජනතාවාදී ලෙස රට පාලනය කළ නොහැකි බව පිළිගන්න.

මේ රටට සමෘද්ධිය සහ සංවර්ධනය රැගෙන ආ හැක්කේ සමගි ජන බලවේගයට ය”


No comments:

Powered by Blogger.