2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අදහසක් නෑ - නාමල් කියයි
2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අදහසක් තමන්ට නොමැති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සමීපතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
තම හිතමිතුරු මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වී සිටියදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන ආදර්ශයට ගනිමින් ඉවසීමෙන් යුතුව වඩාත් පුළුල් ලෙස අත්දැකීම් එකතු කරගනිමින් ඉදිරියට යෑම තමන්ගේ අරමුණ බව නාමල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන් බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
-lankanewsweb
No comments: