විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසිය මැදිහත් වූ ආකාරය පිළිගත නොහැකියි - නාමල් රාජපක්ෂ
අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (09) මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිගත නොහැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යයවරයා පවසා සිටියේ මහජනයාට විරෝධතා දැක්වීමට අයිතියක් තිබෙන නමුත් මේ අවස්ථාව ලෝක පරිමානයෙන් වසංගතයකට මුහුණ දෙන අවස්ථාවක් බව සිහි තබා ගත යුතු බවද පවසා සිටියේය.
ඒ අනුව විරෝධතාකරුවෝ සෞඛ්‍යය නීති රීති වලට අනුගත නොවීම සම්බන්ධව එකඟ නොවිය හැකි බව පැවසූ අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා එම අවස්ථාවේ පොලිසියේ හැසිරීම කිසිම විධියකින් අනුමත කළ නොහැකි බවත් අවධාරණය කළේය.
No comments: