Header Ads

Breaking News
recent

චම්පික කොටුකර ගැනීම සඳහා මීළඟට අල්ලස් කොමිසම හරහා විමර්ශනයක්...

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔස්සේ ද විමර්ශනයක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි. 

මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඔස්සේ මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් ඒ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකළ අතර ඒ මහතාව කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමක් ද පසුගියදා සිදුකෙරිණි. 
එහෙත් ඒ ඔස්සේ චම්පික රණවක මහතාව කොටුකර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොලැබුණු බැවින් මෙසේ අල්ලස් කොමිසම හරහා වෙනත් දැළක් එළීමට බලධාරීන් සූදානම් වන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 
-lankanewsweb

No comments:

Powered by Blogger.