Header Ads

Breaking News
recent

මමම අසූචි ගහගත්තා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න - චමුදිතගෙන් පොලිසියට අභියෝගයක්!

තමාට අසූචි ප්‍රහාරයකින් ජනප්‍රියත්වයත් සදා ගැනීමට අවශ්‍යතාවයක් නැති බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරනවා.

තමන් රට දන්න චරිතයන් බවත් පෙන්වා දෙන ඔහු තමන්ට තව අමුතු ප්‍රසිද්ධියක් අවශ්‍ය නැති බවයි සඳහන් කරන්නේ.

ඇතැමුන්ගේ මතය

සමරවික්‍රම මහතා මේ බව සඳහන් කළේ ඔහුගේ නිවසට එල්ල වූ අසූචි ඇතුළු ගල් මුල් ප්‍රහාරය ඔහු විසින්ම කර ගන්නා ලද එකක් බවට ඇතැමුන් ඉදිරිපත් කරන මතයන්ට පිළිතුරු ලෙස.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයට කැඳවන ලද පොලිස් බල්ලන් කැරකිලා කැරකිලා යළිත් තම නිවස ඇතුලට පැමිණි බවට සමහර මුහුණු පොත් සටහන් වල තිබෙන අයුරු තමන් දුටු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඉන් එම පිරිස කීමට උත්සාහ කරන්නේ තමන් විසින්ම මේ අසූචි ප්‍රහාරය එල්ල කර ගත් බව පෙන්වා දෙන සමරවික්‍රම මහතා එවැනි මඩකරියන්ට උත්තර දීමට තමාට අවශ්‍ය නැති බවත් සඳහන් කරනවා.

ප්‍රශ්න කිහිපය

තමා විසින්ම එසේ අසූචි ප්‍රහාරයක් එල්ල කර ගන්නේ ඇයිදැයි යයි සමරවික්‍රම මහතා ප්‍රශ්න කරන්නේ කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින්.

එසේ ප්‍රහාරයක් එල්ල කර ගන්නේ තමාට රටේ චරිතයක් වීමටද ? නැතිනම් තව ටිකක් ප්‍රසිද්ධ වෙන්නද ? එසේත් නැතිනම් දේශපාලන රැකවරණ පතා තානාපති කාර්යාලයක් හරහා රට පනින්නද ? යයි ඔහු ප්‍රශ්න කරනවා.

දේශපාලන රැකවරණ පතා තමන් එක ලිපියක්වත් ලියන්නේ නැති බව සහතික කරන සමරවික්‍රම මහතා පොලීසිය හමුවේ ඇති වගකීමද මතක් කර දෙනවා.

පොලිසියට අභියෝගයක්

ඒ මෙම ප්‍රහාරය තමා විසින්ම එල්ල කර ගත්ත බව ඔප්පු කිරීම බවයි.

හැකි නම් එසේ කරන ලෙස තමා පොලීසියට අභියෝග කරන බවයි සමරවික්‍රම මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

චමුදිත සමරවික්‍රම මහතා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ.


No comments:

Powered by Blogger.