විමල් – ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 ආණ්ඩුවට එකතු කිරීමේ කපුකම මෛත්‍රී භාර අරන්!
ආණ්ඩුව සමග විරසකව සිටින විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ 10 කණ්ඩායම යළි ආණ්ඩුව සමග මිත්‍ර කිරීමේ කොන්ත්‍රාත්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන භාරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ආණ්ඩුව සමග සන්ධානගතව සිටි පක්ෂ 10 ආණ්ඩුව සමග විරසක වී සිටින ආකාරය සාකච්ඡා වී තිබෙන අතර එහි දී එම පක්ෂ නැවත ආණ්ඩුවට එක් කීරීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන විසින් භාරගෙන ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව ආණ්ඩුවෙන් වෙන් වී සිටින දේශපාලන පක්ෂ දහය විසින් කැඳවන සාකච්ඡාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන්නේ ජනාධිපතිවරයාගේ පූර්ණ අනුදැනුම මත සහ එකඟත්වය අනුව බව පැවසේ.
හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගෙන තිබෙන කොන්ත්‍රාත්තුවේ පළමු පියවර ලෙස මෙතෙක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සූදානම්ව සිටි දේශපාලන පක්ෂ දහයේ දැඩි මතය වෙනස් කරවා එම පක්ෂ දහය නියෝජනය කර නියෝජිතයන් දෙදෙනෙක් සමුළුවට සහභාගී කරවා ගැනීමට හැකි වී තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙක් දේශපාලන පක්ෂ දහය අතර පවතින බැඳියාව පළුදු කරගැනීමට නොහැකි නිසාත්, එම පක්ෂයේ යෝජනාවකට අනුව සර්ව පාක්ෂික සමුළුම කැඳවන නිසාත් පක්ෂ දහය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙක් ඊට සහභාගී කරනවන බවය.
මේ අතර දේශපාලන පක්ෂ 10 ආණ්ඩුවේ දූෂණ වංචා හෙළි කරමින් සිදුකිරීමට සැලසුම්කර තිබූ වැඩ පිළිවෙළ දියාරු කිරීමත් “විමල් සුළඟ“ නමින් පැවැත්වීමට සංවිධානය කර තිබූ රැළිය හදිසියේ නවතා දැමීමත් සිදුවූයේ ජනාධිපති ගෝඨාභය සහ හිටපු ජනධිපති මෛත්‍රීපාල ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප. යේ මන්ත්‍රී කණ්ඩායමත් පැවැත් වූ සාකච්ඡාවේ දී ඇති කරගත් එකඟතාවය මත යැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරත් අනාවරණය කරයි.
-lankasara

No comments: