Header Ads

Breaking News
recent

ඉරිදා හවස 3ට පාරට බහිමු! පක්ෂ පාට නැති විපක්ෂයක් ඇරඹෙයි! වට්ස්අප් එකෙන් සංවිධානය කෙරේ!

අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.

වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.

මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.

හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.

ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.

දන්න හැමෝම එක්කගන එන්න.

දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.

මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.

මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. 

හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

“යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි”

Kandy
https://ift.tt/IL6Bn4U

Colombo
https://ift.tt/uCsbt0O

Kurunegala
https://ift.tt/V5aMTAK

Anuradhapura
https://ift.tt/uiowSa3

Galle
https://ift.tt/AwG4Ulp

Gampaha
https://ift.tt/fnCRv1H

Dambulla
https://ift.tt/HaAnb0J

Nuwara eliya
https://ift.tt/Y7H09aF

Kaluthara
https://ift.tt/sc16SWz

Matara
https://ift.tt/QxMIHEp

Rathnapura
https://ift.tt/08xeMDv

Awissawella
https://ift.tt/nDYGLdx

Hambanthota
https://ift.tt/SerEOIy

Kuliyapitiya
https://ift.tt/vtl5y7h

Kiribathgoda
https://ift.tt/TNfIWvw

Polonnaruwa
https://ift.tt/0oGTLXy

Mathale
https://ift.tt/ruQ83Th

Monaragala
https://ift.tt/qdaIorQ

Jaffna
https://ift.tt/5uMbIki

Ampara
https://ift.tt/sfjviHq

Kegalle
https://ift.tt/tULxyXA


No comments:

Powered by Blogger.