Header Ads

Breaking News
recent

පෝලිම්වල දුක් විදින ජනතාවගෙන් මා සමාව ඉල්ලනවා... ඒත් මේ ආණ්ඩුව පෙරලන්න නම් එපා - රොෂාන් රණසිංහ

කණකර උකස් කර අසීමිත දුකක් විදිමින් රුපියල් 30 000ට පොහොර මිටිය කලුකඩෙන් ගෙනවිත් අමාරුවෙන් වගා කළ ගොවි ජනතාව ඇතුළු ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල ආදී පෝලිම්වල දුක් විදින කට්ට කන ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් බොරු වපුරා මහින්ද ගෙදර යැව් පරිද්දෙන් මේ ආණ්ඩුව ද ගෙදර යවන්න හදන කුමන්ත්‍රණවලට හසු නොවන බවත් පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව හිගුරක්ගොඩ හා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට බලපත්‍ර 1000ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට (20) පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ දී සහභාගී වෙමිනි.
පොලොන්නරුව තමන්කඩුව හා හිඟුරක්ගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් හර්ෂ ජේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් ඉඩම් බලපත්‍ර නොමැති පවුල් 1000කට බලපත්‍ර හිමිකම ලබා දීම මෙහි දී සිදු විය.

“අද අපි අර්බුද ගණනාවක අපි ඉන්නේ.අපි දන්නවා මෙතන ඇවිල්ලා ඉන්න ඔබතුමාලාත් හිතයටින් අපටත් බයිනවා.ඒක තමයි ඇත්ත මටත් ගිහින් කියන්න පුලුවන් අතිගරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි මුදල් ඇමතිතුමනි ඔක්කොම හරි වෙරි ගුඩ් ඕකේ සර්.යස් සර් කියන්න පුලුවන් යස් සර් කියලා කවද වෙනකල් මේක කියන්නද? හැබැයි අද ජනතාව බනිනවා දේශපාලනඥයන්ට.

ජනතාව ගත්තොත් පාරිභෝගික ජනතාව,ගොවි ජනතාව,ධීවරයා මේ ඔක්කොම කියනවා මේ ඔක්කොම කියනවා අසරණයි කියලා.රාජ්‍ය සේවකයා ඒත් අසරණයි.රාජ්‍ය සේවකයෝ ගත්තොත් එකින් එකට වැඩ වර්ජන.මෙහෙයවීමක් වෙන්න පුලුවන්.බොරදියේ මාලු බෑමක් වෙන්න පුලුවන්.ඇත්තටම ආර්ථිකයේ අමාරුකම් නිසා පඩියවැඩි කර ගන්න එන්න පුලුවන්.දේශපාලකයෝ ගාව සල්ලි තියෙනවා.මේකට විසදුම මොකද්ද.ඇත්ත ජනතාවගෙන් වසන් කරලා වැඩක් නෑ.

සමහරු කලු කඩ කාරයන්ගෙන් ගෙනල්ලා පොහොර ගැහුවා.අද වැඩියෙන් ම හම්බ කරන්නේ කවුද කලුකඩ කාරයා.ගැස් එක රුපියල් 8000ට විකුණනවා.සිමෙන්ති මිටිය රුපියල් 3000ට විකුණනවා.හිගයක් මවනවා.අද තෙල් ගත්තොත් එක නැවක තෙල් ගෙවල්වල තියෙනවා.ඒකත් කවුරු හරි අරගෙන රුපියල් 250 ට 300ට දෙයි.

ඒක නිසා කලුකඩ කාරයාට නම් ඒ ටිකේ හොඳට හම්බ කරන්න පුළුවන්.ඊළග කන්නය එනවා.අපට බෑ දරදඩු වෙන්න,බලහත්කාරයෙන් බලපෑමෙන් මේකම කරන්න කියලා කියන්න බෑ.අපි ජනතාවට ඇහුම්කන් දෙන්න ඕන.විශේෂයෙන් ම මුලු රටටම බත සපයන පොලොන්නරුවේ ගොවි ජනතාවගේ හඬට පොලොන්නරුවේ ගොවි දෙමව්පියන්ගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයෙක් විදිහට ගොවි ජනතාවගේ ආර්ථිකයත් බලන්න වෙනවා .

ජනතාවට ඇත්ත තේරුම් කරලා රට ඉස්සරහට ගෙනියන්න ඕන.අපේ පාළන කාලය තුල ගත්ත යම් යම් වැරදි තීන්දු ගැන අවබෝධ කරගෙන රට ඉස්සරහට ගෙනයන්න ඕන.රටක් පාලනය කරනවා කියන්නේ ජනතාව සතුටින් තියන එක ජනතාව ගැටලුවල නම් අපට බෑ හෘද සාක්ෂියට එකගව මේ රට වෙනුවෙන් ජනතාව සමග එකට එකතු වෙලා වැඩ කරන්න ඕන.මේ රටේ අති දක්ෂ රාජ්‍ය සේවකයින් පිරිසක් ඉන්නවා.අද තානාපති කාර්යාලවල ඉන්න අය.මොකද කරන්නේ තමන්ට සේවය කරගන්නවා.තමන්ගේ රාජකාරිය නැතුව.

අද ගොඩක් රජයේ කාර්යාල ගත්තොත් දවල් 12න් පස්සේ වැඩ නෑ.අද ඔක්කොම යන්නන් වාලේ යනවා නම් ජනතාවත් හිතනවා නම් මොන ලෝකෙන් හරි ණය ට ගෙනත් කන්න දෙනවා නම් කමක් නෑ කියලා අපට මොකද වෙන්නේ.අද මොකද වෙලා තියෙන්නේ.අපි ඔක්කොම ස්වයං විවේචනයක් කරගෙන දේශපාලනඥයත් රාජ්‍ය සේවකයත් පොදු මහජනතාවත් එකතු වෙලා දේශපාලනඥයා මුලින් ම කැපකිරීම් කරලා රාජ්‍ය සේවකයාත් ජනතාවත් කැපකිරීම් කරොත් මේ රට ගොඩ ගන්න පුළුවන්.තව රටකින් ණය ගන්නවා කන්න ගේනවා.මොකද්ද මේ වෙන්නේ.”

– අද


No comments:

Powered by Blogger.