Header Ads

Breaking News
recent

අගමැති හෙට අස්වෙන බව අරලියගහ මන්දිරය කියයි… විපක්ෂයේ බලය ඇල්ලීමේ සූදානමක් ගැන ආරංචි එයි!

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   තීරණය කර ඇතිබව අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජාතික එකඟතා ආණ්ඩුවට අගමැතිවරයෙක් පත් කරගැනීම සඳහා ඉඩ සලසා දී මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.

හෙට (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්කර ඉල්ලා අස් වී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග විපක්ෂයේ අසුන් ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

පොදුජන පෙරමුණ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු විපක්ෂයේ බහුතරය පෙන්වා විපක්ෂ නායක ධුරය ද ලබා ගැනීමට සූදානම්වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


No comments:

Powered by Blogger.