නෙළුම් කුළුණ නැරඹීමට ‘හොර ටිකට් එකක්’ ගහලා!
නෙළුම් කුළුණ නැරඹීම සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍රය ලෙස සැකසූ ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලය මේ බව සඳහන් කර ඇත.
සත්‍ය ප්‍රවේශ පත්‍රයේ සහ ව්‍යාජ ප්‍රවේශ පත්‍රයේ ඡායාරූප දෙකක් පළ කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, එය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර ගැනීමට ප්‍රථම ව්‍යාජ නොවන බවට තහවුරු කර ගන්නා ලෙස ය.
එමෙන් ම, නෙළුම් කුළුණ සම්බන්ධයෙන් නොමිලේ ලබා දුන් ප්‍රචාරණයට ද ස්තූතිවන්ත වන බව එම කාර්යාලය සඳහන් කර තිබේ.
ඔවුන් වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, අද (සැප්. 15) දිනයේ ප්‍රවේශ පත්‍ර ලබා ගෙන නෙළුම් කුළුණ තම දෑසින් ම දැක බලා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.

The Real⬇️ vs The Fake👎
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) September 14, 2022
A FORGED entry ticket of @LotusTowerCMB was spread on social media. Please verify before retweeting. Thanks for the free advertisement though.
Visit the tower from tomorrow, buy a ticket and see with your own eyes. 👏@sltda_srilanka pic.twitter.com/XtICFjV0j5
No comments: