Header Ads

Breaking News
recent

පොලිස් කොස්තාපල්වරියන්ගේ බෙල්ලෙන් ඇල්ලු OIC ට තනතුර අහිමිවේ !

පසුගියදා පානදුර නගරයේ දී විරෝධතාවක් අතරතුර කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වූ පානදුර මුලස්ථානය පොලිස්ප රීක්ෂකවරයාගේ තනතුර අහිමි වී ඇතැයි 'ලංකාදීප' වාර්තා කරයි.  

මේවනවිට ඔහු සාමාන්‍ය රාජකාරි සදහා ගම්පහ කොට්ඨාසයට අනුයුක්ත කර ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

ඔහුට එවැනි ස්ථානමාරුවක් ලැබී ඇත්තේ, පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ගනු ලැබූ ක්‍රියාමාර්ගයත් සමගය.  

පොලිස් ස්ථාන මාරුවෙන් ස්ථානාධිපති ධුර 30ක් අහිමි වෙලා !


පොලිස්  ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දී මෙතෙක් ස්ථානාධිපති ධුර  දැරූ නිලධාරීන් 30 දෙනකුට එම තනතුරු අහිමි වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සිටින බවත්, ඔවුන් දැරු ධුර වලින් ඉවත්තර සාමාන්‍ය රාජකාරි සදහා අනුයුක්ත කර ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියි.

පානදුර, ජාඇල, නවගමුව, ග්‍රෑන්ඩ්පාස්, අලුත්ගම, දුම්මලසූරිය, ආණමඩුව, කොස්ගොඩ, කඹුක්ගැටේ, පොතුපිටිය, රංගල, පල්ලෙවෙල, රාජාංගනය, ඊච්චලන්පත්තුව ඌරුබොක්ක, ඇලපාත, කවරක්කුලම, මහකුඹුක්කඩවල, ගලපිටමඩ, වාකරේ, කනංකේ, හිනිදුම, නෙළුව, ඕපාත, ඉගුරුවත්ත, ගිරානේගම, මධුරාගොඩ, මීටියාගොඩ, අඹන්පොළ, ආගරපතන යන පොලිස් ස්ථානවල රාජකාරි කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙලෙස තනතුරු අහිමි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ස්ථාන මාරුවීම්  සම්බන්ධ පොලිස් පණිවිඩය නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාව එම්.එන්.සිසිර කුමාර ගේ අත්සනින් ඉකුත් 23 දින නිකුත් කර තිබුණ.

සේවා අවශ්‍යතා මත මෙම ස්ථානමාරුවීම් සිදුකළ බව එම නිවේදනයේ සදහන් වේ.

-theleader.lk

No comments:

Powered by Blogger.