තවත ශර ලකන ගවන යනයක කරමක දෂයක ගවනගතව වනඩ 155කන පස හර එය!
කාර්මික දෝෂයක් නිසා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් විනාඩි 155ක ගුවන් ගමනකින් පසු නැවත වරක් කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබේ. ජපානයේ, නරීටා බලා ඊයේ (ජූනි 28) රාත්‍රී 07.50ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් A330-300 යානයක් මීට සුලු මොහොතකට පෙර නැවත වරක් කටුනායක ගුවන් තොටුපල වෙත මෙසේ රැගෙන එන්නට ගුවන් නියමුවන් කටයුතු කර තිබේ.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ නැවත ගොඩබස්වා ඇත්තේ ගුවන් ගමන් අංක UL-454 හා ලි.ප අංක 4R-ALR දරන ගුවන් යානාව ය.
එම යානාවේ රෝද පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතු වූ බව සඳහන් ය.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ නැවත ගොඩබස්වා ඇත්තේ ගුවන් ගමන් අංක UL-454 හා ලි.ප අංක 4R-ALR දරන ගුවන් යානාව ය.
එම යානාවේ රෝද පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතු වූ බව සඳහන් ය.


No comments: