Header Ads

Breaking News
recent

ශ‍්‍රීලනිපය දෙකඩයි.. උකුසු ප‍්‍රහාරයකින් ‘ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල’ බිහිවේ!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල නමින් වෙනම කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

‘මෛත‍්‍රී පිල’ නමින් සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණයක් ද එම කණ්ඩායම විසින් පවත්වාගෙව යමින් තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති බවට වාර්තා වන අතර මෙම පිරිස පක්ෂයේ පොදු තීරණවලින් බැහැර තනිමතයට කටයුතු කරමින් සිටින බවද සඳහන්ය.

මෙම පිරිස තම සාමාජිකයන් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා ආණ්ඩුවට එක්වී සිටින පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර තිබේ.

ඒ අනුව ආණ්ඩුව සිටින මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගොනු කර ඇති ලිපිය ද ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.


No comments:

Powered by Blogger.