Header Ads

Breaking News
recent

දශය ණයපරතවයහගතකරණයට SJB ගලගටට... හරෂට වටකර නලය!

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව හේතුවෙන් සමගි ජන බලවේගය පක්‍ෂයේ උණුසුම් වාද විවාද ඇති වී තිබේ.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති හමුවකදී මන්ත්‍රී පිරිසක් අදහස් පළ කර ඇත්තේ මේ මොහොතේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කොන්දේසි හා සංශෝධන සහිතව හෝ සහාය දීමට විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතු බවයි.

එහිදී තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ යෝජනාවට සහාය දක්වා ආර්ථිකයට යම් අහිතකර බලපෑමක් සිදු වුවහොත් එහි වගකීමක්ද තම පක්ෂයටද භාරගැනීමට සිදුවුණු ඇති බවයි.

එමෙන්ම ජනාධිපති ගේ දේ තීරණ අනුව කටයුතු කිරීමට නම් වෙනම පක්ෂයක් වුවමනා නැති බවද ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එහිදී සඳහන් කර ඇත්තේ අදාළ යෝජනාව ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් ගැඹුරු නිරීක්ෂණය කර රටට අහිතකර නම් විරුද්ද වීමටයි.

මෙම හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ එම මන්ත්‍රී කණ්ඩායමේ ඇතැම් පිරිස් අතර උණුසුම් වාද විවාද ඇති වූ බවද දැනගන්නට ඇත.


No comments:

Powered by Blogger.