Header Ads

Breaking News
recent

ජෙරම්ගේ බැංකු ගිණුම් ගැන නීතිපතිවරයාගෙන් හෙළිදරව්වක්!

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ දී රුපියල් බිලියන 12.2ක මුදලක් හුවමාරු වීම සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ පිළිබඳව විමර්ශන සිදුකරන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

විමර්ශන සිදුකරනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවයි.

ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

ජාලිය යටගම


No comments:

Powered by Blogger.