Header Ads

Breaking News
recent

CEYPETCO සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළට!

සිපෙට්කෝ සහ IOC සමාගම් ඉන්ධන මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 04කින් ඉහළ දමා තිබේ.  පැවති මිල රුපියල් 361ක් වන අතර  නව මිල රුපියල් 365ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබේ.  පැවති මිල රුපියල් 417ක් වන අතර, නව මිල රුපියල් 420ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ.  පැවති මිල රුපියල් 341ක් වන අතර, නව මිල රුපියල් 351ක්.
සුපර් ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 359ක් වන අතර, නව මිල රුපියල් 421කි. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 62කින් ඉහළ දමා ඇත.

තවද  භූමිතෙල් ලීටරයක පැවති මිල රුපියල් 231ක් වන අතර, නව මිල රුපියල් 242කි.  භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් ඉහළ දමා තිබේ.

අද සවස 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබූ මුත් ඔක්ටේන් 92 මිල නොවෙනස්ව තබා ගත්තේය.

356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් ද, රුපියල් 414ක් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් ලෙස රුපියල් 06කින් ද,රුපියල් 338 ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද මිල ඉහළ දැමුවේය.


No comments:

Powered by Blogger.