Header Ads

Breaking News
recent

සන්නස්ගල එක්ක සාකච්චාව කලේ ගංජා ගහලයි..- විශ්ව බුද්ධ අධිකරණයේදී

උපුල් සාන්ත සන්නස්ගල මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡා කළේ ගංජා භාවිතා කිරීමට ලබාදීමෙන් පසුව බව විශ්ව බුද්ධා නමින් තමන් හඳුන්වා ගන්නා පුද්ගලයා විසින් සඳහන් කර තිබේ.

ඇප කොන්දේසි කඩකිරීම මත යළි අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණු අධිකරණය ඉදිරිපත් කළේය.

‘බුදු දහමට සහ සංඝ ශාසනයට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටින මෙම සැකකරු ඔබතුමන්ගේ අධිකරණයෙන් ඇප මත මුදා හැර සිටියදී, ඔහු යළි එම වරදම අඛණ්ඩව සිදුකර තිබෙනවා.

ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා මේ අධිකරණයේදීම සමාව ගත්තු සේපාල අමරසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල සහ මාධ්‍යවේදියෙකු සමඟ මොහු සාකච්ඡාවන්ට එක්වෙලා තියෙනවා.

උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සාකච්ඡාව කළාට පසුදින මොහු විසින්ම යළි වීඩියෝවක් පළ කරලා තියෙනවා ගංජා භාවිතා කරන්න දීලයි අදාළ වැඩසටහනට සහභාගි කරව ගත්තේ කියලා.

එබැවින් ස්වාමිනි පැහැදිලිව පෙනෙනවා මෙම තැනැත්තාගේ මානසීක තත්ත්වයේ ගැටලුවක් තියෙනවා කියලා’

No comments:

Powered by Blogger.