Header Ads

Breaking News
recent

ඉරානයෙන් ඊශ්‍රායලයට දැඩි ප‍්‍රහාරයක්.. මැදපෙරදිග ගුවන් ගමන් නවතී..

ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථාන කිහිපයකට ඉරානය විසින් ඊයේ රාත්‍රියේ දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඩ්‍රෝන සහ කෘාස් මිසයිල යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ පසුගිය අප්‍රේල් පළමුවැනිදා සිරියාවේ ඉරාන කොන්සාල් කාර්යාලට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.

එම ප්‍රහාරයෙන් ඉරාන කොන්සාල් කාර්යාලයේ දහතුන් දෙනෙකු මිය ගියේය.

ඉරානය විසින් ඊශ්‍රායට සිදුකළ මෙම පහර දීමත් සමග මැද පෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර තිබේ.

ඇමෙරිකාවද මෙම තත්ත්වය මත ගල්ෆ් කලාපයට යුද නැවු කිහිපයක් යොමු කර ඇත.

No comments:

Powered by Blogger.