Header Ads

Breaking News
recent

ඊශ්‍රයාලයට යන්න ගිය ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් ඇතුළු ගුවන් මගීන් ඩුබායිවල කොටුවෙයි!

ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් ඇණහිටීම  නිසා  Fly Dubai FZ 1625 දරන Fly Dubai ගුවන් යානයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඩුබායි හි අතරමං වී ඇත.

ෙඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර උපුටා දක්වමින්  ඩේලි මිරර්  වාර්තා කරන්නේ  ඉරානය ඊශ්‍රායල භූමියට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ලද තොරතුරක් මත මගීන් අතර සිටි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සමඟ යානය ඩුබායි වෙත හරවා එවා ඇති  බවය.‍

කලාපය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් පවතින බවත්, එම කලාපයට හෝ ඒ හරහා ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ගුවන් ගමන් කාලසටහන්වල විය හැකි වෙනස්කම් සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.



No comments:

Powered by Blogger.