Header Ads

Breaking News
recent

ජනාධිපති අගමැති තනතුරු බෙදාගන්න යෝජනාවක් ලැබුනා…

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති හා අග්‍රාමාත්‍ය ධුරයන් බෙදාගෙන තරග කිරීමට යෝජනාවක් සමගි ජන බලවේගයට ලැබී තිබේ. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ එක ප්‍රධාන පක්ෂයකින් මෙම යෝජනාව ලැබී තිබෙන බවයි.

නමුත් එම කිසිම යෝජනාවකට පක්ෂය ප්‍රතිචාර නොදක්වන බවද මහලේකම්වරයා කියා සිටියේය.

තම පක්ෂය ඉතා දුෂ්කර ලෙස ගොඩනගන ලද්දේ ජයග්‍රහණ වෙනත් සමඟ පක්ෂ සමග බෙදා ගැනීමට නොවන බවත් එවන් අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

No comments:

Powered by Blogger.