Header Ads

Breaking News
recent

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ ගුටි කෙළියේ තොරතුරු එළියට! මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දීලා තියෙන්නේ මහින්දානන්ද! ගුටි කෑ මන්ත්‍රී ගුණතිලක කකුලත් කඩාගෙන කෙළින්‌ම රෝහලේ!

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
ඊයේ (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව තිබේ.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් වීමසීමක් කරද්දී එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවය.

දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
-mawratanews

No comments:

Powered by Blogger.