Header Ads

Breaking News
recent

පොහොට්ටුව නාය යාමක් අභියස... මන්ත‍්‍රීන් 90ක් රනිල් අසලට... ඉතිරියෙන් බාගයකුත් අඩමානයි!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය ඉතා උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ආණ්ඩුව පවත්වාගෙන යනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විස්සකට ආසන්න ප්‍රමාණයන් අති බහුතරයක් ජනාධිපතිවරයාට සහාය පල කිරීමට තීරණය කර ඇතැයි ද සඳහන් වෙයි.

ඔවුන් ආසන්න වශයෙන් මන්ත්‍රීවරුන් අනූවක් පමණ වන බවද දැනගන්නට ඇත.

ඉතිරි මන්ත්‍රීවරුන්ගෙන්ද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සමග සිටිනු ඇතැයි පැවසෙන්නේ අඩකටත් අඩු පිරිසකි.

මෙම තත්වයන්ට ප‍්‍රධානතම හේතුවක් වී ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට නායකත්වයක් ලෙස පෙන්විය හැකි පුද්ගලයකු නොමැති වීමයි.

මහින්ද රාජපක්ෂ මහතා දැනට ශාරීරික වශයෙන් යම් අපහසුතාවයන්ගෙන් පෙළීම හා පොදු ජන පෙරමුණට මෙතෙක් රට පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයෙක් නම් කර ගැනීමට නොහැකි වීමද ඊට දැඩිව බලපා ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියෙකුට මෑතකදී එම පක්ෂයේම තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් දැඩි ලෙස කරුණු තේරුම් කරදී තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි පුද්ගලයෙකු හෝ රට පිළිගන්නා පුද්ගලයෙකු ඉදිරිපත් කළ යුතු බවටයි.

එසේ නොවන්නේ නම් පොදු ජන පෙරමුණ බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවේ ඉතා සුළු පිරිසක් ඉතිරි කර අනෙක් පිරිස වෙනත් මාර්ගයන් තෝරා ගනු ඇති බවයි.

දැනටද වාර්තා වන අන්දමට පොදු ජන පෙරමුණ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡා සඳහාද සහභාගි වන මන්ත්‍රී පිරිස ඉතා සීමිත වී තිබේ.

දින දෙක තුනකට වරක් එහි පවත්වන මාධ්‍ය හමු සඳහා සහභාගිවීමෙන් සිටින්නේ කිහිප දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමක් පමණි.

නමුත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පවත්වන මාධ්‍ය හමු සඳහා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් සහභාගි වෙමින් සිටී.

එමෙන්ම විජේරාමයේ ජනාධිපතිට නිල නිවසේ මහින්ද රාජපක්ෂ මහතා හමුව කතාබහ කිරීමටද පැමිණෙන පොදුජන පෙරමුණේ මැති ඇමැති ප්‍රමාණය දැඩි දෙස සීමා වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා හෝ පොහොට්ටුවේ වෙනත් නායකයින්ටත් අද වන විට එම තත්ත්වයට පත්ව ඇතැයිද සමීප තොරතුරු වාර්තා කරයි.

No comments:

Powered by Blogger.