Header Ads

Breaking News
recent

නාමල්ට පිස්සු කියලා මට මහින්ද මහත්තයත් කිව්වා, රාජපක්ෂලාගෙන් මිනිස්සු අකමැතිම කෙනා නාමල් - ප්‍රසන්න කියයි

නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දය දායකයින් නාමල් රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදීමට සූදානම් නොමැති බවයි. ජනාධිපති අපේක්ෂකයෙක් වීමට පෙර නාමල් රාජපක්ෂ මහතා මුලින් වැඩ පෙන්විය යුතු බවත්, රාජපක්ෂ පවුලේ මිනිසුන් වැඩියෙන්ම තරහින් සිටින පුද්ගලයා වන්නේ නාමල් රාජපක්ෂ බවත් ඔහු පැවසීය.

පක්ෂය හැර ගිය සියලු දෙනාට නැවත පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ආරාධනාව සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා තමාට ඊයෙ හවස මුණගැහුණු අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාට පිස්සු යැයි පැවසූ බවයි.


No comments:

Powered by Blogger.