Header Ads

Breaking News
recent

බංගලාදේශ අරගලය පෙරටම... පාර්ලිමේන්තුව අල්ලාගනී... ක‍්‍රිකට් නායක නිවස පුච්චයි!

බංගලාදේශ අගමැති ධුරයෙන් ෂික් හසීනා ඉල්ලා අස්වී රට හැරයාමෙන් පසු රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් තවදුරටත් පවතී.

ඇදිරි නීතිය පනවා ඇතත් විරෝධතාකරුවන් නිදහසේ වීදි තුළ සැරිසරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙති.

එරට පාර්ලිමේන්තුවද විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන ඇති අතර ඩකා ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබේ.

බංගලාදේශයෙක් හිටපු ක්‍රිකට් නායක මෂ්රෆී බින් මෝටර්සාගේ නිවස ද ගිණි තැබීමකට ලක්කර තිබේ.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී බංගලාදේශ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පුද්ගලයෙකි.

මේ වන විට බංගලාදේශ හමුදා ප්‍රධානියා විසින් එරට අන්තර්වාර පාලනයක් පත් කරන තෙක් හමුදා පාලනයක් පවතින බව ප්‍රකාශයට පත් කර ඇත.


No comments:

Powered by Blogger.