Header Ads

Breaking News
recent

මහින්ද මට තාත්තා වගේ, මම රනිල් ළඟට යන්නේ තාත්තවත් ආරක්ෂා කරන්න.. රෝහිතගෙන් රත්තරං කතාවක්!

එළඹෙන ජනාධිපතිවරණයේදී තම සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ, කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකළ මත විමසීමකින් පසු මෙම තීරණයට එළඹි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අබේගුණවර්ධන මහතා,

පසුගිය සති දෙක තුන ජීවත් වුණේ හරිම මානසික පීඩනයෙන්. මම මහින්ද රාජපක්ෂට කරන්නේ අසීමිත ආදරයක්. මගේ දේශපාලන ගුරුවරයා බැසිල් රාජපක්ෂ. මම එතුමාටත් ගොඩක් ආදරෙයි. අද මම දෙලොවක් අතර ඉන්න මිනිහෙක්. අද මම මේ ප්‍රකාශ කරන්න යන තීන්දුව මගේ මහින්ද රාජපක්ෂ මහත්තයාටවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටවත් එරෙහි වීමක්වත් විරුද්ධ වීමක්වත් නොවෙයි.

දේශපාලනයේ අපි අහලා තියෙනවා දේශපාලනය තුළ සදාකාලික මිතුරොත් නැත සදාකාලික සතුරොත් නැත කියලා. අපට ඔබට තිබෙන දේශපාලන ප්‍රතිවාදියා කවුද. ගමේ භාෂාවෙන් කිව්වොත් දේශපාලන හතුරා කවුද. ජේවීපී එකයි සජබෙයි. අපිට පුළුවන්ද ඒ කඳවුරු දෙකට යන්න. අපිට පුළුවන්ද ඒ කඳවුරු වෙනුවෙන් හිටගන්න. අපිට බැහැ.

ජනතා විමුක්ති පෙරමුණට 22දා උදේ රට දෙනවද. උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කියවන සජිත්ට රට දෙනවද. මේ කයියනායකවරුන්ට රට දෙනවද රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවද. ඒ නිසා රටට ඇහුම්කන් දීල ඔබට ඇහුම්කන් දීලා ඔබේ මතයට හිස නමමින්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ ජනාධිපතිවරයා කිරීමේ වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා.

හැබැයි මම ඔබෙන් ඉල්ලනව පොහොට්ටුවට මහින්ද රාජපක්ෂ මහත්තයාට බැසිල් රාජපක්ෂ මහත්තයාට කිසිවෙකුට කිසි දෙයක් කියන්න ඉඩ තියන්න එපා.

මහින්ද මහත්තය කියන්නේ අපිට තාත්තෙක් විතරක් නෙවෙයි. රටට තාත්තෙක්. ඔබ හිතන්න එපා මම ඒ තාත්තව තනි කරා කියලා. තාත්තව තනිකරන්නේ නෑ. මේ ගන්න තීන්දුව ඔහුවත් ආරක්ෂා කරන තීන්දුවක්.


No comments:

Powered by Blogger.