Header Ads

Breaking News
recent

ගාළු මුවදොර අරගලය පාර්ලිමේන්තුවට හරවන්න හැදුවේ පාර්ලිමේන්තුව විසුරුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින්නයි - අනුර

ගාලු මුවදොර අරගලකරුවන් පාර්ලිමේන්තුව දෙසට හැරවීමට හැරවීමට කේ.ඩී. ලාල් කාන්ත මහතා යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු විසුරුවා හැර නව ජනමතයකට අවස්ථාව දීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එවකට පැවති පාලනයට ජන වරමක් හිමිව නොතිබූ බවද පවසන ඔහු ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය මාධ්‍ය විසින් විකෘති කර වාර්තා කරමින් ඇති බවද කියා සිටියි.

තම පක්ෂයේ එම මොහොතේ අපේක්ෂාව වී තිබුණේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කටයුතු කිරීමට බවද පැවසූ ඔහු ඒ වෙනුවෙන් හඬ නගන තම පාර්ශවයට ඇඟිල්ල දිගු කිරීම විහිළුවක් බවත් පැවසුවේය.

ගාළු මුවදොර අරගලකරුවන් පාර්ලිමේන්තුව දෙසට හැරවීමට කල උත්සාහය ව්‍යවර්ත වූ බවට ලාල් කාන්ත මහතා කල ප‍්‍රකාශය ගැන මාධ්‍ය කල විමසීමේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.