Header Ads

Breaking News
recent

ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න ආපු පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින්ට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙන හැඩ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය දැක්වීමට පැමිණි පොහොට්ටුවේ  ජ්‍යේෂඨයින්ට තමන් බලාපොරොත්තු වු පිළිගැනීම සහිත වගකීම් ප්‍රමාණයක් නොලැබීම නිසා අපේක්ෂා භංගත්වටය පත් වී ඇතැයි පොහොට්ටුවේම විශ්වාස කටයුතු  අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ජනාධිපතිවරයාට සහාය ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ අත්හැර පැමිණි මේ ජ්‍යෙෂ්ඨයින් පිරිසට සැලකිය යුතු දූෂණ චෝදනා තිබීම මෙන්ම ඔවුන් පසුගිය වකවානුව තුළ රනිල් වික්‍රමසිංහගේ පුද්ගල චරිත ඝාතනය කරමින් සිදුකළ මඩ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ දැන් නැවත මතුවී වයිරල් ආකාරයෙන් බෙදාගැනීම සමාජයේ යම් හාස්‍යයකට ලක් වී ඇති නිසා ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එය යහපත් තත්ත්වයක් ඇති නොකරන බව ඔහුගේ සමීපතමයින් පෙන්වා දී ඇතැයි ද දැනගන්නට ඇත.

ඔවුන් යෝජනා කර ඇත්තේ පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන් සමග එක්ව ඔවුන්ට වගකීම් පවරමින් නව ගමන ආරම්භ කරන ලෙසය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාර යේ වැඩි බරක්  ඔහුට විශ්වාසවන්ත එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ට   භාර දීම සහ ආසන සංවිධායක ධූර සඳහා අපේක්ෂාකළ ප්‍රතිචාර නොලැබීම නිසා මේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින් අල්ලපු අත්ත සහ පය ගැසූ අත්තත් දෙකම අහිමිවීම සම්බන්ධව බත්තරමුල්ල ප්‍රධාන හෝටලයකට රැස් වී පසුගිය දින කීපය පුරා සාකච්ඡා කර ඇති ආකාරය වාර්තා වේ.

මනුෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දුට ලබා දුන් අධිකරණ තීන්දුව මත ඉදිරියේ දී තම පක්ෂ සමාජිකත්වය සමග මන්ත්‍රී ධූරද අවදාමනකට ලක් වී ඇති අයුරු මේ පිරිස  තිගස්වා  ඇතැයි දැනගන්නට ඇත. 

පොදුජන පෙරමුණින් වෙන් වී ජනාධිපතිවරයාට සහාය දැක්වීමට පැමිණි පාර්ලමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ සහ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා අතර කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි හමුවේදී  කඩුවෙල ආසනය සඳහා බහින්බස් වීමක් ඇති වී තිබුණු බව පෙරේදා (09) වාර්තා වූයේය.
-lankasara 

No comments:

Powered by Blogger.