Header Ads

Breaking News
recent

රනිල්ට පැන්න පොහොට්ටු මන්ත‍්‍රීලා මහා ගාලගෝටියක.. සුසිල් උදුගොඩ තව පොඩ්ඩෙන් ගුටි.. සාගලටත් විරෝධය

පාර්ලිමේතුවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල කාමරය තුල පැවති කොලඹ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ඉතා උණුසුම් වී ඇත.

මෙයට ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක මහතාද සහභාගී වී තිබිණි.

කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා දේශපලඥයින් කිහිප දෙනෙකුද ේ සදහා සහභාගී වී සිටියහ.

මෙහිදී පොදුජන පෙරමුණෙන් වෙන්වී ජනාධිපතිවරයාට සහාය පලකල කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ කඩුවෙල ආසනය තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ඉන් කෝපයට පත් සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා කඩුවෙල ආසනය තමාගේ බවත් කිසිවෙකුට එය නොදෙන බවත් ජ්‍යෙෂ්ඨයා තමන් බවත් කියමින් බැන වැදී ඇත.

ඊට ප‍්‍රදීප් උදුගොඩ මන්ත‍්‍රීවරයාද එම ස්වරයෙන්ම ප‍්‍රතිචාර දක්වන්න පටන් ගැනීමත් සමග ඇකි වූ තත්වය දැඩි වෙහෙසකින් පසුව දෙදෙනා සන්සුන් කරන්නට අග්‍රාමාත්‍යවරයාට සිදුවිය.

සාගල රත්නායක මහතා විසින් මධුර විතානගේ මහතාගෙන් කෝට්ටේ ආසනය වෙනස් කරනවාදැයි කල ඉල්ලීමද මධුර විතානගේ මහතා විසින් අතමැත්ත පල කර ඇතැයිද සදහන් වෙයි.

No comments:

Powered by Blogger.