සර්වජන බලයේ කළු න්යායපත්රය එළියට... කලකිරීමෙන් අපේක්ෂකයෝ ඉවත් වෙයි!
සර්වජන බලය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් අංක 10 යටතේ මෙවර පාර්ලිමේන්තුවට තරඟවදිනා අපේක්ෂකයා ඊයේ (31) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කියා සිටියේ දිලිත් ජයවීර උදය ගම්මන්පිල ඇතුලු පිරිස තමා ඇතුළු කණ්ඩායම අපේක්ෂා කළ දේශපාලන ප්රතිපත්තීන් වලට පරිභාහිරව වෙනත් දේශපාලන න්යායපත්රයක කටයුතුකිරීම මත ඇතිවූ කළකිරීම මත පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
උදය ගම්මන්පිල මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශානි අබේසේකර රවී සෙනවිරත්න ඇතුලු නව රජයට චෝදනා කරමින් සංදර්ශන පවත්වමින් සිටිනා පසුබිමක එම චෝදනාවම ලබා සිටිනා දේශබන්දු තෙන්නකෝන් පූජිත ජයසුන්දර ඇතුලු පිරිස සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කරනා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම පක්ෂයේ නායක දිලිත් ජයවීර පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්රමසිංහ සමඟින් සිදුකළ වැඩසටහනේදී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සිදුකළ ජාතිවාදී වැඩපිළිවෙල සම්බන්ධයෙන් උදම් අනමින් පොරත්වය ප්‍රකාශ කිරීම හිරිකිතයට කරුණක් බවත් ඔහු එහිදී සඳහන් කළේය.
මෙවැනි පක්ෂයක් සමඟ දේශපාලනය කිරීම පිළිකුල් සහගත බැවින් තමා මැතිවරණ සටනෙන් ඉවත්වෙන බවත් සර්වජන බලය පක්ෂයට තමාවෙනුවෙන් ඡන්දයක් ලබාදීමට අපේක්ෂාවෙන් සිටි ජනතාවට එම ඡන්දය ලබා නොදෙන ලෙසත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
No comments: