Header Ads

Breaking News
recent

president mp privileges cancelation

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මැති ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවයි.

අද කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

“ජනාධිපතිවරයා පත්වූ පසු කමිටුවක් පත් කළා..මැතිඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන්. ඔවුන්ගේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා.” 

“ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් නිර්දේශ කරලා තියෙනවා යම් යම් වරප්‍රසාද කොහොමද සීමා කරන්නේ කියන එක පිළිබඳව. මේ සියල්ල අපි එකට සලකා බලන්නේ.” 

ඊයේ (02) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව භාරදී තිබුණි.

එම කමිටුව සඳහා,

කේ.ටී.චිත්‍රසිරි මහතා – (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ඩී. දිසානායක මහතා – විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය – විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති

යන සාමාජිකයන් ඇතුලත්ව සිටියහ.


No comments:

Powered by Blogger.