Monday, March 31 2025

Header Ads

කිසිවෙක් සමග කිසිම දේශපාලන එකතුවීමක් නෑ… සජිත් සහතික කර කියයි

කිසිවෙකු සමග දේශපාලනිකව එකතු වීමේ සූදානමක් තම පක්ෂයට නැතැයි සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද තහවුරු කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ (24) කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයින් අමතමිනි.

”අද සමහර ප්‍රවෘත්ති සිරස්තල දානවා මමයි ඒ කණ්ඩායමයි, අර කණ්ඩායමයි ඔක්කොම එක්කහු වෙන්න සාකච්ඡා කරනවලු. එක්කහු වෙන්න සාකච්ඡා කරනවා නම් අපි දුරකථනය ලකුණින් ඡන්දය ඉල්ලනවයැ… සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලනවයැ…”

” මේ ඔක්කොම කරන්නේ මොකක් ද?. අපේ ප්‍රතිවාදී හැමෝටම ලොකු බියක් තියනවා ප්‍රථම වතාවට සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයක් තරග කරලා අපේම දහස් ගණනක් මන්ත්‍රීවරු හැම පළාත් පාලන ආයතනයකටම තරග කරලා බිම් මට්ටමේ ලොකුම බලවේගය සමගි ජන බලවේගය බවට පත් වෙනවට බය කොට්ඨාසයක් ඉන්නවා.”

” සජිත් මහින් රනිල්… මේ ඔක්කොම එක්කහු වෙනවලු…. මේක අමූලික පට්ටපල් බොරුවක්. අපිට කාත් එක්කවත් එක්කහු වෙන්න අවශ්‍ය නෑ. අනිවාර්යයෙන්ම මෙදා පාර දුරකථන ලකුණෙන් සමගි ජන බලවේගය රටේම පළාත් පාලන ආයතනවල විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියන එක අපට විශ්වාසයි.”


Leave a Comment

Powered by Blogger.