Header Ads

Breaking News
recent

දුවන්න සල්ලි නෑ.. ජලය-විදුලිය භාවිතය අඩු කරන්න..- මුදල් අමාත්‍යංශය සියළු රාජ්‍ය ආයතනවලට නියෝග කරයි..

රජයේ වියදම් සීමාකරණය මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. ජල විදුලි දුරකතන ගාස්තු ආදිය හැකි තරම් සීමා කරන ලෙසත් අනෙකුත් වියදම් නියමිත උපදෙස් පරිදි සිදුකරන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් වේ.

ලබන වසර වෙනුවෙන් දින පොත් හා දින දර්ශන සඳහා වන වියදම් කපාහරින ලෙස ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. පාස්කු දා ප්‍රහාරයෙන් ආර්ථිකයට සිදුවූ විශාල බලපෑම හේතුවෙන් රාජ්‍ය ආයතනවල වියදම් හැකිතාක් සීමා කිරීමට සිදුවී තිබෙන බව ද මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේකයේ සඳහන් වේ. රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී සහ සේවා ලබාගැනීමේදී අදාළ උපදෙස් පිළිපදින ලෙස ද වියදම් හැකිතාක් පාලනය කරගනිමින් එම සේවා ලබාගන්නා ලෙස ද මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් දැඩි ලෙස උපදෙස් දී ඇත්තේ රාජ්‍ය ආයතනවලට අමතර වියදම් නොදෙන ලෙසටය. තව ද හැකිතාක් පුනරාවර්තන වියදම් අඩුකර ගන්නා ලෙස ද එම චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන නිලධාරීන්ගේ විදේශ අධ්‍යයන චාරිකා නිල විදෙස් චාරිකා හැකිතාක් සීමා කිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ද එහි සඳහන් වේ.

– lankadeepa

No comments:

Powered by Blogger.