Header Ads

Breaking News
recent

ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස.. එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතික තීන්දුවක් ගනී..

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුව අද සාකච්ඡා කර තිබේ.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයාද මේ බව කියා සිටි අතර මේ සම්බන්ධයෙන් ඇමැති අජිත් පී. පෙරේරා මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා ඇත්තේ ඒකමතිකව සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම යෝජනා වූ බවයි. ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා තවත් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වූ බවද ඇමති රාමනායක මහතා පැවසූවේය.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට මන්ත්‍රී කණ්ඩායම් වෙනම සාකච්චාවක් පවත්වන බවයි. සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විරෝධයක් දක්වමින් සිටින ඇමති රවී කරුණානායක මහතා හමුව සඳහා පැමිණ ඇති අවසන් භාගයේ වන අතර එහිදී ඔහු යම් විරෝධයක් මතු කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතාද ඊට ප්‍රතිචාර දක්වා තිබේ. කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට හමුව අවසන් වී ඇත්තේ අවසාන තීන්දුවක් නොමැතිවය.

No comments:

Powered by Blogger.