Header Ads

Breaking News
recent

රූපවාහිනියට අලුත් සභාපතිවරයෙක් පත් කරයි.. සුලං කිරිල්ලී යන්න බෑ කියයි.. රූපවාහිනියට සභාපතිලා දෙකයි..

ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරේ. මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ජනමාධ්‍යය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන  මහතා විසිනි.

ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ සභාපති සුලංකිරිල්ලී චිත්‍රපටයේ  අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනි  මහත්මියට ඉවත් වෙන ලෙස ඇමතිවරයා  දන්වා තිබුණද ඇය දිගින් දිගටම  බලහත්කාරයෙන් එම තනතුරේ රැදී සිටියාය. සංස්ථාවේ අකාරක්ෂයම පරිපාලනය හේතුවෙන් සංස්ථාවේ කටයුතු  ද අඩාල වීම නිසා මෙම තීරණය ගන්නා බව ජන මාධ්‍ය ඇමතිවරයා  සත්‍යාංගනීට ලිඛිතව අන්වා තිබුණි.

නව සභාපතිවරයෙකු පත්කල ද ඉනෝකා සත්‍යංගනී මහත්මිය තවමත් සභාපති ධූරයෙන් ඉවත් නොවන බව පවසමින් ධූරයේ තවදුරටත් රැදී සිටින බව සංස්ථාවේ සේවකයෝ කියති. ඉතිහාසයේ පළමු වරට රූපවාහිනියේ වැටුප් ගෙවීම පවා ප්‍රමාද විය.

No comments:

Powered by Blogger.