Header Ads

Breaking News
recent

ආසනය දිස්ත‍්‍රික්කය පරාද උන්ට ජනාපති අපේක්‍ෂකත්ව දෙන්නේ නෑ.. මගේ ආසන දිස්ත‍්‍රිකක දිනුම්.. ජනාධිපති වෙන්න මං සූදානම් - කිරිඇල්ල

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගත් පසු එක්සත් ජාතික පෙරමුණ සමග කටයුතු කළේ නම් තවත් වසර 05ක කාලයක් ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට අවස්ථාව ලබාදීමට තිබූ බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂය විසින් අපේක්ෂකයෙකු නම් කිරීමට සූදානම් කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තම දිස්ත්‍රික්කය හෝ ආසනය ජයගත නොහැකි අයෙකුට අපේක්ෂකත්වය ලබා දිය නොහැකි බවද ඔහු පැවසීය.

මෙතෙක් සිටි සියළු ජනාධිපතිවරුන් තම ආසන සහ දිස්ත්‍රික්කය ජයගත් බව පැවසූ ඔහු තමන් ද මහනුවර දිස්ත්‍රික්කයේ ආසන එකක් හැර සියල්ල ජය ගත් බවත් සදහන් කලේය.

ජනාධිපතිවරයා අපේක්ෂකත්වයට තමන්ද සූදානම් බවද තමන් නම් කලහොත් ඊට තරග වදින බවද ඔහු පැවසීය.

හිරු නාලිකාවේ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Powered by Blogger.