Header Ads

Breaking News
recent

චම්පික මං පොර ජාතකේ තොරණ් ගහලා.. සාධුකාර දෙන්න කිසිවෙක් නෑ.. එජාපයෙන් බැණුම් !

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

‘මමත් ආසයි චම්පික රණවක මහතාටත් අපේක්ෂකත්වය ලැබෙනවා නම්.  නමුත් අවාසනාවකට එතුමයි එතුමාගේ ගෝලයා කරුණාරත්න පරණවිතාන මැතිතුමයි හැරුණු විට වෙන කවුරුවත් එතුමාගේ නම කියන්නේ නැහැ.
ඒ නිසා කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් මං පොර ජාතකයේ තොරන් ගැසුවාට ඒ තොරණට සාධුකාර දෙන්නට ඉන්නේ නම් එතුමයි එතුමාගේ ගෝලබාලයෝ ටිකයි විතරයි.

එතුමා දන්නැති දෙයක් තියෙනවා. ඒ   තමයි රටේ ප්‍රචාරය කරන්නට කලින් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් තමන් ඉන්න කණ්ඩායම ඇතුලේ තමන් ජනප්‍රිය වෙලා ඉන්නට අවශ්‍යයි. අපේක්ෂකත්වය ලැබුණට පසුවයි ජනතා කැමැත්ත  වැදගත් වන්නේ.

නමුත් එජාපයේ කිසිම මන්ත්‍රිවරයෙක් ආසාවට කියන්නේ නැහැ අපි චම්පිකට කියලා.  ඒ වෙනුවට පක්ෂයෙන් පිට කාටවත් දෙන්නේ නැහැ, බොරු මාධ්‍ය සන්දර්ශන කරුවන්ට අප රැවටෙන්නේ නෑ වැනි ප්‍රහාර ඔහුට එල්ලකිරීමයි අප දැක්කේ.

හේෂා විතාරණ චමින්ද විජේසිරි වැනි මන්ත්‍රිතුමන්ලා නම කියලම චම්පික අමාත්‍යවරයාට ප්‍රහාර එල්ල කළා. ඒ නිසා මෙය තවත් ඉටු නොවන සිහිනයක් පමණයි’

– අරවින්ද අතුකෝරල


No comments:

Powered by Blogger.