Header Ads

Breaking News
recent

එජාපයේ නව සන්ධාන යෝජනාව කෘත්‍යාධිකාරියේදී 35-07න් සම්මතයි !

ක්සත් ජාතික පක්‍ෂ මූලිකත්වයෙන් නව සන්ධානයක් ගොඩ නැගීමට අද දිනයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වූ බව ඇමති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

නමුත් නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එකඟතාවක් පල නොවුනු බවද ඔහු පැවසීය.

මේ අතර එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සඳහා පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.

එම ඡන්ද විමසේමේදී අදාළ නව සන්ධානයක් ඇති කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 35ක් හා ලැබෙද්දී විරුද්දව ලැබුනේ ඡන්ද 7ක් පමණක් බවත් නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස ඡන්දය දිමෙන් වැලකී සිටි බවත් ඔහු කීය.

මේ අතර වාර්තා වන්නේ නව සන්ධානයේ ලේකම් ධුරය වෙනත් පක්‍ෂයකට ලබා දිය යුතු නැතැයි කියමින් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා එය බාර ගැනීමට සූදානම් බව කියූ බවයි.


No comments:

Powered by Blogger.