Header Ads

Breaking News
recent

අර්බුද සුළිය මැද එජාප පිරිසක් මහින්ද ලගට !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වෙන් පිහිටුවනු ලබන නව සන්ධානයට එක් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය කීපදෙනෙක්ම සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.
පවතින තත්වය දෙස බැලීමේදී පළමු පවත්වනු ඇත්තේ ස්ථිරවම ජනාධිපතිවරණයක් යැයිද පැවසූ රාජපක්ෂ මහතා දැන් ඊට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කාලයක් නැතැයිද සඳහන් කළේය.

නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද ඇති කර එහි වාසිය ලබා ගැනීමට කිසිදු අරමුණක් නැති බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.