කලාවැවට එන ඇතැම් සංචාරකයන්ගෙන් වන අලින්ට හිරිහැර පරිසරහාණී.

මේ කලාවැවට අලි එන යන කාලයයි. මේ දිනවල කලාවැවට පැමිණ සිටින අලි රංචුව දෙසීයකට වැඩිය. මේ සමගම අලි බැලීමටත් කලා වැවේ දිය නෑමෙන් සතුටු වීමට පැමිණෙන පිරිසත් වැඩි වී ඇත.
කලාවැව යනු අභය භූමියකි. එය පල්ලේකැලේ රක්‍ෂිත භූමියට අයත් කලාපයකි. කලාවැවට මේ දිනවල අලි පැමිණ සිටින්නේ සංචාරක පිරිස් සතුටු කිරීමට නොව ඔවුන්ට රිසි සේ දිය නා වතුර බීමටයි.
නමුත් මෙම වන අලින්ට කලා වැවට බැස දිය නා වතුර බීමට ඇති අයිතිය අසංවර සංචාරක පිරිස් අවහිර කර තිබේ. බීමත්ව හැසිරෙන ඇතැම් පුද්ගලයන් වන අලින්ට හිරිහැර කරති. රතිඤ්ඤා දමති, අහස් කූරු දමති. එය නොමනා ක්‍රියාවක් බව බීමත්ව සිටින පුද්ගලයන්ට හැ`ගීමක් නැත. ඔවුහු සතුටු වෙමින් වන අලින්ට හිංසා කරති.
කලාවැව ඉස්‌මත්තේ සුන්දර පරිසරයේ ආශ්වාදය විඳීමට එන ඇතැම් පුද්ගලයන් බීමට රැගෙන එන බෝතල් කඩා දමති. කඩා දමා ඇති බෝතල් ගෝනි ගාණක් එකතු කළ හැකිය. වීදුරු කටුවලින් කලා වැවේ පරිසරය විනාශ කර ඇත. රැගෙන එන පොලිතින් බෑග් සහ ප්ලාස්‌ටික් බෝතල් විශාල ප්‍රමාණයක් පරිසරයට මුදාහැර තිබේ.
ඇතැම් සංචාරක පිරිස් රාත්‍රි කාලයේදී ගිනි මැල ගසමින් සතුටු වෙති. කෑකෝ ගසති. එසේ වන විට වන අලින්ට කලා වැවට බැස වතුර බීමට නොහැකි නිසා ඉස්‌මත්තේ කුඩා වැව්වලට වතුර සොයා පැමිණෙන අතර ගම්මානවලට කඩා වැදී භව භෝග වනසන බව ප්‍රදේශවාසීහු පවසති.
රාත්‍රි කාලයේ කලාවැව ඉස්‌මත්තේ ගැවසෙන ඇතැම් පිරිස් ගිනි මැල ගසන්නේa කුඹුක් ගස් මුලය. ගිනි මැල ගැසීම නිසා කුඹුක් ගසේ මුලට ගිනි ඇවිලී කුඹුක් ගස් කඩාවැටී ඇති අයුරු එහි යන ඔනෑම අයකුට දැකිය හැක. සිත්පිත් නැති මේ පුද්ගලයන් සිදු කරන්නේ මහ පරිසර විනාශයකි. කුඹුක් ගස් ගිනි ඇවිලී කඩා වැටුණ විට එය හොර රහසේ කපාගෙන යැමට ඇතැම් සංවිධානාත්මක පුද්ගලයින් පිරිසක්‌ද සිටිති.
කලාවැවට බැස දිය නා දිය බීමට වන අලින්ට ඇති අයිතිය ඇතැම් නොමනා පිරිස් විසින් වළකා ඇත. සතා සිවුපාවුන්ට ඇති අයිතිය තහවුරු කළ යුතුව ඇත. නිය`ගයෙන් බැට කා අසල වන රොදවල සිට කලාවැවට පැමිණෙන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් සිටින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. කලා වැවට පැමිණෙන වන අලින්ට සහ සතුන්ට හිරිහැර නොකරන ලෙස සංචාරකයන්ගෙන් පරිසර වේදීහු ඉල්ලීමක් කරති.

උපුටා ගැනිම - divaina
No comments: