පෑලියගොඩ ගබඩාවක තිබී කල් ඉකුත්වූ පෝෂණ පිටි තොගයක් විනාශ කෙරේ.

පෑලියගොඩ ගබඩාවක තිබී පසුගිය 08 වනදා ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ අධිකාරිය විසින් අත් අඩංගුවට ගත් කල් ඉකුත්වූ මිනිස් පරිභෝජණයට නුසුදුසු පෝෂණ කිරිපිටි ටොං එකකට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීම අද (01) පැලියගොඩ මීගහවත්ත සුසාන භූමියේදී සිදුකලා.
පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශයට අයත් ගබඩාවක් තුල පවත්වාගෙන ගොස් ඇති මෙම කල් ඉකුත්වූ කිරිපිටි නැවත ඇසිරීමේ ගබඩාවේ තිබී අත් අඩංගුවට ගත් කිරිපිටි තොගය පසුගිය17වනදා කොළඹ අළුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කර ඒවා විනාශ කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගැනීමෙන් පසු මෙලෙස විනාශ කර තිබෙනවා.
මෙම කිරිපිටි අතර මෙගා ස්ලිම් මෙගාග්‍රෝ, මෙඩි ස්ලිම්, යන නම්වලින් හදුන්වන ලද කිරිපිටි නිෂ්පාදන තිබූ අතර ඒවායේ කල් ඉකුත්වන දිනය සහ ඇසුරුම වෙනස් කිරීම මෙම ගබඩාවේදී සිදුකර තිබෙනවා. කැලණිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී දොස්තර වසන්තා රාජපක්ෂ, කැලණිය සහ පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සහ පෑලියගොඩ නගර සභාවේ සභාපති ආනන්ද පුෂ්පකුමාර,ලේඛම් වරිය ඇතුළු මංතී වරුන්ද ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ වැටලීම් අංශයේ නිලධාරීන්ද කිරිපිටි තොගය විනාශ කිරීමේ අවස්ථාවට එක්ව සිටියේය. මෙම පෝෂණ කිරිපිට් පැකට්ටුවක් වෙළද පොලේ රුපියල් 7000/ මිලට අලෙවි කර තිබෙනවා. මෙම නීති විරෝධී කල් ඉකුත්වූ පෝෂණ කිරිපිටි නැවත ලේබල් ගසා දින වෙනස් කල ජාවාරමේ හිමිකරුද එම ස්ථානයට පැමිණ සිටි අතර මෙම ජාවාරම පිලිබදව ඔහු දැන සිටියේද යන්න මාධ්‍ය වේදින් ඔහුගෙන් විමසූ විට තමන් එය දැන සිටි බවත් සේවකයන් 08 දෙනෙකු යොදවා ඇසුරුම හා ලේබලය වෙනස් කල බවත් ඔහු පවසා ඇති අතර මෙම කිරිපිටි ලබා දුන් අයතනයේ නම හෙලිනොකල ඔහු එහි අන්තරගතය හා සකස් කරන ආකාරය පිලිබදව පැහැදිලි කර තිබෙනවා. මෙම ගබඩාව කුලියට ගෙන වසර ගනණක් වන බවත් වැටලීමෙන් පසුව තමා එය අත් හැර දමා යාමට තීරණය කල බවත් ඔහු පවසනවා.
අධිකරණයට ඉදිරිපත් කල මෙම කල් ඉකුත්වූ කිරිපිටි තොගයට රුපියල් 5000ක දඩ මුදලකුත් කල් ඉකුත්වූ ඖෂධ වලට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකුත් ගෙවිමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. කල් ඉකුත්වූ ඖෂධ තොගයද මෙලෙසම විනාශ කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
No comments: