Header Ads

Breaking News
recent

තනිව හමුවෙන්න රනිල් කල ඉල්ලීමට විග්නේෂ්වරන් බෑ කියයි

ළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ නොහොත් ටී.එම්.කේ. පක්ෂය සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුව වෙනුවෙන් විසදුම් ඉල්ලා  යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අවස්ථාවක අදාල සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් සිදුකරන්නේනම් පමණක් තම පක්ෂද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම්දුන් බවද සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියි.

කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් හට කරුණු 13 ක් ඇතුලත් යෝජනාවලියක් සකස් කොට ඇති අතර ජනාධිපතිවරනයේදී සහය දීම සම්බන්ධයෙන් එම කණ්ඩායම සමග පමණක් සාකච්ජා කිරිමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් මහතා පැවසුවේය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලැබෙන අදාළ යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරනයේදී ජන්දය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ ජනතා පෙරමුණේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කිරීම සිදුකෙරිණ

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Powered by Blogger.