Header Ads

Breaking News
recent

සිංහලයන් කොන්දේසි විරහිතව සජිත් පරාජය කරවිය යුතුයි..

දෙමල ජාතික සංධානය සජිත් මහත්තයටවත් කිසි කෙනෙකුට එකගවිය නොහැකි ‍යොජනාවලියක් ඉදිරිපත් කරල තියෙන්නේ. මේ වගේ අන්තවාදී තැනකට දෙමලජාතික සංවිධානය පත්වීම පිළිබදව අපි කණගාටු වෙනව. මේ අන්තවාදයත් එක්ක දෙමල ජාතිකයන් පෙනී සිටිනු නැතැයි මම විශ්වාස කරනව. ඉතින් අපි දෙමල ජනතාව අතරට ගිහිල්ල මේ අන්තවාදයේ ස්භාවය පැහැදිලි කරල සම් දෙමල ජාතිකයන් දිනාගන්න වැඩ පිලිවෙලක් සූදානම් කල යුතුයි.යයි පූජය අතුරැලි‍යේ රතන හිමියන් කීය.


උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ කොළොන්න සූරියකන්ද උත්සව ශාලාවකදී පැවැති ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ හමුවකදීය.

මෙම හමුව සදහා කොළොන්න සහ ඇමිලිපිටිය ප්‍රදේශවල විසිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලඥයින්,ප්‍රදේශවාසීන් මෙන්ම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිවිතිගල සංවිධායක මියුරුභාෂිත ලියනගේ ඇතුලු බොහෝ පිරිසක් සශබාගී වී සිටින ලදී‍.

මේ යෝජනාවට යටත්වෙලා ඡන්දය දෙනවනම් යම්කිසි කෙනෙක් සිංහලයන් නොබෙදී  ඡන්දය දෙන්න ඕන.එච්චරයි කරන්නට ඕන.සජිත් පේමදාස වගේ කෙනෙක් මේ වගේ අන්තවාදී යෝජනා වලට එකග උනොත් සිංහල ජනතාවට තියෙන්නේ පක්ෂ පාට භේද බලන්නේ නැතිව  පොදු අපේක්ෂකයකු හැටියට හිතල ගෝඨාභය රාජපක්ෂ මහත්තයට උදව් කරන එක.

දැන් අපිට තියෙන්නේ මිනිස්සු මෙහෙයවන්න නායකයෙක් නැතිකමේ ප්‍රශ්නය.ඔය අපේ පලාත්වලින් ගියපු ටික දෙනෙක් ඉන්නවා නන්නත්තාර රස්තියාදුකාරයෝ ටිකක්. එලොවටත් මෙලොවටත් නැති නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න අ‍යගෙන් ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් ලොකයා සමග ගනුදෙනු කරන්න පුලුවන් යම් පිරිසක් ඉන්නවා.ඒ අය මහජනයා අතර යම්කිසි කුසලතා තියන අය. ප්‍රාදේශීය සභා මනත්‍රීකෙනෙක් වෙන්න උනත් ඒ ප්‍රදේශයේ අයගේ යම් කිසි හැගීමක් තියෙන්න ඕන. මොකක්හරි දක්ෂකමක් තියෙන අය ඉන්නවා.

ජාවාරම් වලින් හොරකම් කරපු බිස්නස් කාරයෝ හොරු තක්කඩියෝ පාර්ලිමේන්තුව තුල ඉන්නව..ඒක මම නැහැ කියල කියන්නේ නැහැ. නමුත් මේ වැඩි පිරිසකගෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්, හොද නායකයෙක් හිටියොත්. මට පේන්නේ බොහෝ වෙලාවට මේ දේශපාලන නායකයන්ට කිසිම දර්ශනයක් නැහැ. කිසිම දැක්මක් නැහැ, හැගීමක් නැහැ, අන්ත ආත්මාර්තකාමි නායකයන්. ඉතින් මේ ආපු නායකයෝ එක මල්ලේ තමයි ඉන්නේ. මටනම් ඔය නායකයන්ගේ අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් කියන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා යූඇන්පී දෙකෙහිම.

හැබැයි ඒ අතර තදම තද පවුල, තමන්ට හම්බකරගැනීම නායකයා එහෙම හිතනකොට ගෝල බාලයන් හිතන්නේ ඒ විදියට.හොර තක්කඩියන් ඒ ගොල්ලන් තමයි, ඉඩම් හොරු ඒ ගොල්ලන් තමයි පලාත්වල ‍ලොක්කො වෙන්නේ. ඒක වෙන්නේ නායකයාගේ වරද නිසා.නායකයා හොදනම් ඒක වෙනස් කරන්න පුලුවන්.

දැන් මේ අපි පත්කරන ගොඨාභය මහත්තයා ඔහු ගේනකොටත් මම ඔහු ගැන වර්නනා කරල නැහැ. මහින්ද මහත්තයටත් මම උදව් කරල තියෙනවා හැබැයි මම වර්ණනා කරල නැහැ. ප්‍රතිපත්ති මතයි ඒ දේ කලේ. හැබැයි ගෝටාභය රාජපක් ෂ මැතිතුමා ලග සම්ප්‍රධායක දේශපාලකයන්ට වඩා  යම්කිසි ගුණයක් තියෙන පුද්ගලයෙක්. අපේක්ෂක වටිනාකමක් තියෙන පුදුගලයෙක්. ඉතින් ඔහුට මම දන්නේ නැහැ මේ තියෙන සන්දර්භය බිදී බිදගෙන යන්න  හැකියාවක් පසුබිමින් හදන්න පුලුවන්ද කියල. අපේ වගකීම තමයි එතුමට හොද පසුබිමක් හදන එක.

මම හිතනව ගොඨාභය රාජපක්ෂ මහත්තයට මේ මැතිවරණයේදී දිනන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

එතුමා ජයග්‍රහනය කරයි.හැබැයි එතුමා රාජපක්ෂ පවුලේ තවත් කෙනෙක් වෙන්න ඕන නැහැ.එතුමට කොලයක් බලන්නේ නැතිව කතාවක් කරන්න පුලුවන්.ඉංග්‍රීසියෙන් කතා කිරීම ඔය පසුගිය කාලයේ හිටිය කොයි නායකයටත් වැඩිය හොදින් කරනව.ඒම නිසා අන්තර්ජාතිකව එතුමට ගණුදෙන් කුන්න පුලුවන් ඉතා හොදින්.එහෙම බැලුවම මේ අපේක්ෂකයා හිටපු අයට වඩා වෙනස්  පාර්ලිමේන්තුවේ කවදාවත් නොහිටිය අලුත් කෙනෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට ඉස්සරහට ගේන්න පුලුවන්‍ඒ නිසා මම මේවර මැතිවරනයේදී  එතුමට උදව් කරන් තීරනය කලා.

ග්ලයිපොසෙට් පාවිච්චිකරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ තේ වගාව සදහා.ඊට වඩා ලාබදායි විදියට මේ වල් පාලනය කරන්න පුලුවන්.ඕනම ගොවියෙක් දන්නවා කුඩා තේව්තුවල  පාඩු නොහිටින විදියට වත්ත හොදට කළමණාකරණය කලාම වල් වැවෙන්නේ නැහැ.මේක සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන දැනුමක්.මේක ග්ලයිපොසෙට් කතාව කියන්නේ සම්පූර්ණ කොම්පැනි වලින් හදපු අමු මිත්‍යාවක්‍.මේ මධ්‍ය කදුකරයම මේවයායින් නිදහස් වෙලා.ඉන්දියාවේ බොහෝ නගරවල වල්නාශක පොහොර භාවිතය සම්පූර්නයෙන්ම නතරවෙලා තියනව.මෙතන මේ වස ගැහුවම බොන වතුරවලට මේවා මිශු වෙනව.මේක භයානක පිළිකාවක් බව මුලු ලෝකයම පිළි අරන් තියෙනව.

මේ වන විට ගොවියන්ට වැඩ පිළිවෙලක් අපි සකස්කරල දීල නැහැ ඉදිරිකාල වලදී අපි ගොවියන්ට මේ වස විසින් කොරව වගාකරන වැඩ පිළිවෙලක් අපි සකස් කරල දෙන්ව.

No comments:

Powered by Blogger.