Header Ads

Breaking News
recent

බැඳුම්කර වංචාවේ වෝහාරික වාර්තාව සූදානම්

සුගිය රජය සමයේ සිදු වූ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධ වෝහාරික වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (26)  පැවසීය.

මහ බැංකු බැදුම්කර වංචාවේ වෝහාරික වාර්තා ලබාදෙන ලෙසට කෝප් කමිටු සභාපතිවරයා කළ ඉල්ලීමකට මහ බැංකුව ප්‍රතිචාර දක්වා ඇති අතර රාජ්‍ය ව්‍යාපාරවල නව පාලනය ස්ථාපිත වූ වහාම කෝප් කමිටුවේ කටයුතු නැවත ආරම්භ කරන බවත් එහිදී වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනතාව හමුවේ පොරොන්දු ලබාදුන් බවත් මේ වනවිට ජනතාව එම වරම ලබාදී ඇති බැවින් එම පොරොන්දු ඉටු කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බවත් සභාපතිවරයා පැවසීය.

නව රජයක් බලයට පත් වුවද පාර්ලිමේන්තු සැසිය අවසාන වන තෙක් වර්තමාන කෝප් කමිටුව ක්‍රියාකාරීව පවතින බවත් ආණ්ඩු බලයේ මාරුව කෝප් කමිටුවේ වත්මන් ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන බවත්, ඒ සඳහා වත්මන් රජයේ සහයෝගය කෝප් කමිටුවට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

උපුලි ජයරත්න


No comments:

Powered by Blogger.