Header Ads

Breaking News
recent

විදුලි බල මණ්ඩලය 2020දී තවත් කෝටි 6000ක් ණය වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයට 2020 වසර අවසන් වනවිට රුපියල් කෝටි 12,000ක පමණ ණය බරක් එකතු වනු ඇතිබව වාර්තා වේ.

මේ වනවිට විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 6000ක ණය ප‍්‍රමාණයක් ගෙවීමට සිදුවී ඇතැයිද පැවසේ.


තෙල් සංස්ථාවට පමණක් රුපියල් අට කෝටි තිස් ලක්ෂයක් ණය ගෙවීමට ඇති අතර කුඩා සමාගම්වලට ජල විදුලිය සඳහා ගෙවිය යුතු මුදල් මාස කිහිපයකින් ගෙවා නොමැති බවද වාර්තා වේ.

2020දී මේ වගේම ණයක් එකතු වෙනවා

විදුලි ඒකකයක් රුපියල් 23ත් 45 ත් අතර මිලකට මණ්ඩලයෙන් මිල දී ගත්තත් යළි පාරිභෝගිකයන් අතට පත් කරන්නේ රුපියල් 16 ක් වැනි මිලකට වීමෙන් ඉදිරි වසරේ දී ඒ හා සමාන ණයක් එකතු වන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේදී ඊයේ (30) පැවති සාකච්ඡාවකදීය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමරවීර මහතා කියා සිටියේ මෙගා වොට් දෙදහසක් නිපදවීම සඳහා ගිවිසුම් අස්සන් කර ඇතත් එල් එන් ජී බලාගාර දෙකෙන් එකක් වත් ක‍්‍රියාත්මක කර නැතැයි ද ඒ මහතා කීය.

සුලං බලාගාර පවා සමහර අවස්ථාවල ප‍්‍රශ්නකාරි වන බවත් සූර්යබල ශක්තිය නිපදවන අවස්ථාවන් පවා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවත් පැවසු අමරවීර මහතා මණ්ඩලය පාඩු ලබන්නේ මෙවැනි පරිසරයක් යටතේ යැයිද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේය.


No comments:

Powered by Blogger.