Header Ads

Breaking News
recent

ජවිපෙ බිමල්ගේ බිරිඳගේ සුපිරි BMW රථය තෑගි දීමට යයි !

මාගේ බිරිඳ සුපිරි BMW රථයක් මිලදී ගෙන ඇතැයි වාර්තා කර ඇති අයට එහි අනන්‍යතාවය ඔප්පුකිරීමට හැකිනම් එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවා තිබෙන බවටත් ඔහුගේ  බිරිඳ විසින් සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් ‍රථයක් මිලදී ගෙන ඇති බවටත් සමාජ මාධ්‍ය කිහිපයක පලවී තිබේ.

ඒ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිය ‍‍ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් අදහස් පළකර සටහනක් දමා තිබේ. එම සටහන පහතින් දැක්වේ.

''දේශපාලනිකව අනාථ වුණු පිරිස් ගෙනයන මෙවැනි මඩ ප්‍රවාරයන් සදහා උත්තරදීමට අප කාලය වැය නොකරමු. නමුත් බොහෝදෙනා fb massanger මගින් කල ඉල්ලීමට ගරු කරමින් මෙම සටහන තබමි.

මෙම මඩ ප්‍රවාරක වෙබ් සයිට් කර්තෘට කිව යුත්තෙ එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේනම්, එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බවයි.

ජනාධිපතිවරනය අවසන්වීමත් සමග ජවිපෙටත්, NPP එකටත්, එහි නායකයින්ටත් එරෙහිව ගෙන යන දැවැන්ත මඩ අවලාද ව්‍යාපාරය ගැන දේශපාලන විවාර බුද්ධියක් හා දේශපාලන සදාවාරයක් සහිත, අපට විපක්ෂ දේශපාලන මත දරන පිරිස් පවා අවබෝධකරගෙන සිටින බව අපි දනිමු.

මෙම දැවැන්ත FB, වෙබ් සයිට් හා අනෙකුත් මාධ්‍ය හරහා ගෙන යන මඩ ප්‍රවාරයන්ගෙන් පෙන්නුම් කරන්නේ අන්කවරක්වත් නොව, අප නියොජනය කල මතවාදයේ ප්‍රබලත්වයයි.

දුෂණ වංවා කරපු, නීතිය අවනීතිය බවට පත්කරපු, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කරපු, ඩීල් දේශපාලනය කරන පොහොට්ටුවත්, UNP එකත් නියෝජනය කරන මෙවැනි පිරිස්වලට අපට කීමට ඇත්තේ මාවෝ සේතුං වරක් කී පරිදිම,

"අපි අපේ සාර්ථකත්වය මනිනු ලබන්නේ මිතුරන්ගේ ප්‍රශංසාවෙන් නොව හතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළුහඩිනි" යන්නයි.......


No comments:

Powered by Blogger.