Header Ads

Breaking News
recent

අන්තවාදීන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් හැදුවේ නැති වුනොත් දේශපාලනයෙන් සමු ගන්නවා - ඇමති කෙහෙලිය

නාධිපතිවරණයෙන් පසු ගොඩ නැගූ ආණ්ඩුව අන්තවාදීන්ගෙන් තොරව ගොඩ නැගූ බවත් ඉදිරි මැතිවරණයේද එලෙසම අන්තවාදීන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතු බවත්එසේ නොවුනහොත් තමා දේශපාලනයෙන් සමු ගැනීමට පවා සුදානම් බවත්  ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මේක සිංහල බොදු රටක් වුනත් අපි සියලු ජාතින් හා ආගම් වලට ගරු කරනවා .නමුත් අන්තවාදයට මින් ඉදිරියට ඉඩක් නෑ .ගෙවුණු වකවානුව පුරාවට මේ රටේ දේශපාලනය තුළ සැරි සැරූ අන්තවාදයට ඉදිරියේදී තිත තැබිය යුතු බවද ඒ මහතා පැවසීය.

යටිනුවර මැතිවරණ කොට්ඨාශයේ ගොඩමුදුන, අරඹේගම, දෙහිඅංග, කිරිබත්කුඹුර ආදී ප්රදේශවල පැවති රැස්වීම් කිහිපයකදී හෙතෙම  මේ බව පැවසීය.

රටක් ගොඩනැගීමේදී එයට බාධා වන පළැලි මුලිනුපුටා දැමිය යුතු බවත් ඒ අනුව අන්තවාදය නැමැති පැළැල්ල මුලිනුපුටා දැමිය යුතු බවත් ඒ මහතා පැවසීය.

අන්තවාදීන්ගෙන් තොර අති බහුතර ආණ්ඩුවක් සඳහා මේ වනවිටත් ජනතාව පෙළගැසී ඇතැයිද අමාත්යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් කත කල අමාත්යවරයා මෙසේද කීය "අද මම තෘප්තිමත් දේශපාලඥයෙක් මං එහෙම කියන්නේ අපි දේශපාලන වේදිකාවේ කියූ සෑම දෙයක්ම අද එකින් එක ඉෂ්ඨ වෙමින් පවතිනවා. දුප්පත්කම තුරන් කිරීම මෙහි ප්රධාන කරුණක්.  මේ සඳහා ලක්ෂයක සේවා බලකායක් ස්ථාපිත කරනවා. සමෘද්ධිය ලක්ෂ හයකින් වැඩි කරනවා කියනවිට  එදා අපිට දැණුනේ දුප්පත්කම තවත් ලක්ෂ හයකින් වැඩි වන බවය.  දේශපාලඥයන් ලෙස අපේ අරමුණ විය යුත්තේ දුප්පත්කම අපේ රටින් තුරන් කිරීමයි. යැපුම් ආර්ථිකයෙන් මේ රට නිදහස් කරගත යුතුය. යැපුම් ආර්ථික වසර හැත්තෑ ගණනක් මේ රට හැදුවා ඒත් රට එහෙමයි. එය පවතිනාත් කල් මේ රටේ ජනතාව දේශපාලඥයන්ගේ අතකොලු වෙනවා.

පසුගිය කාලයේ මේ රටේ ආර්ථිකය විනාශ කලා. එවක ඇමතිවරුන් දෙදෙනෙකුගේ සහෝදරයන් දෙදෙනෙකු එක්ව සුලු අපනයන ප්රති අපනයන වැඩ පිලිවෙල හරහා රට මෙන්ම රටේ ආර්ථිකය විනාශ කර දැමුවා. දිස්ත්රික්ක නවයක සුලු අපනයන තොග වැවිලිකරුවන්ට මෙන්ම ඒ ක්ෂේත්රය පසුගිය කාලයේ කණ කොක් හැඬුවා, නමුත් අපේ ආණ්ඩුව ස්ථාපිත කර දින කිහිපයකින් ප්රතිඅපනයන තහනම් කිරීමට අපට හැකි වුනා.

2015ට පෙර වැඩබිමක්ව තිබූ රට පසුගිය කාලයේ මුඩුබිමක් කර තිබුනා. අද යලිත් එය වැඩබිමක් වෙමින් තිබෙනවා. පසුගිය වකවානුපුරා අන්තවාදීන්ගේ සහයෙන් ආණ්ඩු හදපු ක්රමයට අද තිත තබා තිබෙනවා. මන් මේ කතාව බේරුවල මෙන්ම අකුරණ මෙන්ම නුවර එළියේදී ගිහින් කියනවා අන්තවාදීන්ට අන්තවාදයට මිස කිසිම ජන කොටසකට අපි විරුද්ධ නෑ. කිසි දවසක අපි යලි අන්තවාදයට යට වෙන්න සූදානම් නෑ. අපි ඒ වෙනුවෙන් බලවේගයක් සකස් කරනවා.

හිටපු මධ්යම පළාත් සභා මන්ත්රී ඩී.කරුණාරත්න යටිනුවර ප්රාදේශීය සභාවේ හිටපු සභාපති තුසිත වලගෙදර, ප්රවීන උපකාරක පංති දේශක දොඩම්වල ශ්රී නාථ දේවලයේ බස්නායක නිළමේ වසන්ත බණ්ඩාර මහතාද මේ සඳහා එක් වූහ.

කේ.එල්. සුරවීර  මහනුවර   


No comments:

Powered by Blogger.