Header Ads

Breaking News
recent

ඩඩ්ලි, ගම්ලත් හා මිත්‍රපාල කන්න තුනේම වී හිරකරන් !

හා පරිමාණ වී මෝල් හිමියන් කීප දෙනා සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් පමණ තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා කියයි.

සම්බා වී කිලෝවක් රුපියල් 35.00 ත් 40.00 ත් අතර මිලකටත්, නාඩු වී කිලෝවක් රුපියල් 42.00 කටත් මිලදී ගෙන මෙලෙස ගබඩා කර ඇතැයි ද ඔහු චෝදනාකර සිටී.
මේ දිනවල මහා පරිමාණ වී මෝල් හිමියන් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ ඉකුත් වසරේ (2018) යල කන්නයේ සහ මහ කන්නයේ වී තොග බවද ඔහු කියා සිටී.

නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ

“මේ ව්‍යාපාරිකයන් මේ වසරේ (2019) යල කන්නයේ මිලදී ගත් වීවලට තව අත තියලාවත් නෑ. මිලදී ගන්නා වී තොග අවුරුද්දක් තියාගෙන තමයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ.” යනුවෙනි.

ජනාධිපතිවරණයෙන් දින දෙකකට පසුව මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සහල් කිලෝව රුපියල් පහකින් ඉහළ දැමූ බවත් ඔහු කීවේය.

සහල් කිලෝවකින් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් රුපියල් 25.00 කට වැඩි ලාභයක් ලබන බවට ද කරුණාරත්න මහතා චෝදනා කරයි.

නාඩු සහ සම්බා සහල් (තම්බන ලද) සහල් සදහා රුපියල් 98.00 ක පාලන මිලක් නියම කිරීමෙන් පසුව, මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සිල්ලර වෙළෙඳපොළට එම සහල් නිකුත් කරනු ලබන්නේ සීමිතව බවද සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසති.

හාල් මෝල් පහේ හිමිකරුවෝ කවුද?

මහා පරිමාන වී මේල් වන්නේ අරලිය, නිවු රත්න සහල්, හිරු සහල්, නිපුන සහල් හා මේනක සහල් යන මෝල්ය.

නිපුන සහල් හිමිකරු වන්නේ සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයා වන අතර, මේනක සහල් සිරිපාල ගම්ලත් මහතාගේ සහෝදරයාගේය.

එසේම, හිරු සහල් ගම්ලත් මහතාගේ මස්සිනාගේය.

අරලිය සහල් මෝල හිටපු ජනපතිවරයාගේ සහෝදරයා වන ඩඩ්ලි. සිරිසේන මහතාගේය.

සිරිසේන මහතාගේ කිට්ටුවන්තයකු වන එල්.ජේ. මිත්‍රපාල මහතා නිවු රත්න සහල් හි හිමිකරුවා වේ.

ලබන කන්නයේ වී මිලදී ගැනීම විද්‍යාත්මක ක්‍රමයකට

මේ අතර, "ජීවන වියදම්" කැබිනට් අනු කමිටුව ඊයේ (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, එහිදී ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට සිදුකිරීමටත්, දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීමටත් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍යඅංශය සඳන් කරයි

සහල් මිල පාලනයට රජය ගත් තීරණය සමග එහි ප්‍රතිලාභ පාරිභෝගික ජනතාව වෙත ලැබෙන අයුරු පිළිබදව ද මෙහිදී සමාලෝචනයට ලක් කර තිබේ.


No comments:

Powered by Blogger.