Header Ads

Breaking News
recent

රාජිත පස්සෙ පන්නලා වැඩක් නෑ, සුදු වෑන් භීෂණය ගැන හොයන්න - සුමන්තිරන්

සුදු වෑන් කතාව ඊයේ පෙරේදා ඇති වූ කතාබහක් නොවන බවත් එය වසර 10 ක පමණ සිට සමාජයේ කතාබහ වන මාතෘකාවක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ඒ නිසා ආණ්ඩුව කළයුත්තේ සුදු වෑන් භීෂණය හෙළිදරව් කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීම නොව එම හෙළිදරව්වෙන් මතුකළ සුදු වෑන් භීෂණය ගැන පරීක්ෂණ පැවැත්වීම බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම භාෂණයේ නිදහස සීමා කිරීමක් හා භාෂණයේ නිදහසට එල්ල කරන තර්ජනයක් ලෙස හැඳින්විය හැකි බවයි.

සුදු වෑන් සිදුවීම් සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කර ඇති බවත්, එහෙත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදුකර නොමැති බවත් එජාප ලේකම්වරයා පවසනවා. එසේ තිබියදී අදාල මාධ්‍ය හමුව පැවැත්වූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පිටුපස පැන්නීම අනුමත කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා.


No comments:

Powered by Blogger.