Header Ads

Breaking News
recent

රාජිතව අත්අඩංගුවට ගැනීමට ආපු CID නිලධාරීන් තවමත් රෝහලේ


හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ රාත්‍රි 8 .30 ට පමණ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලට ගිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවමත් එහි රැඳී සිටිනවා.


රෝහලේ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා රෝහලේ හෘද රෝග ඒකකයට ඊයේ රාත්‍රි ඇතුළත් වූ බවයි.


සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි.

ඒ, අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද කොළඹ හා බේරුවල පිහිටි සේනාරත්න මහතාගේ නිවාසවලට ගිය ද ඔහු එම නිවාසවල ඔහු නොසිටියේ ය.

ඒ අතර, රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයින් ඊයේ උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේවෙතත්, ඊයේ පස්වරුවේ එම නීතිඥවරුන් විසින්ම එය අධිකරණය හමුවේ නොකැඳවන ලෙස අධිකරණ රෙජිස්ටාර්වරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එම මෝසම අධිකරණය හමුවේ නොකැඳවී ය.

මේ අතර ප්‍රනගත මාධ්‍ය හමුවට රාජිත සේනාරත්න මහතා විසින් කැඳවා ගෙන ආ සුදු වෑන් රියදුරන් බව කියු දෙදෙනා ද අද යළි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

No comments:

Powered by Blogger.