Header Ads

Breaking News
recent

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහල තුළදීයි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය ඉකුත් 24 වෙනිදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

එම වරෙන්තු යලි කැඳවන ලෙස මන්ත්‍රිවරයාගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කලද එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කෙසේ වුවත් ඊයේ (26) රාත්‍රියේදී රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලට ඇතුලත් කෙරුණා. ඔහු අධික රුධිර පීඩනයෙන්, මානසික ආතතියෙන් සහ කම්පනයෙන් පෙළෙන බවයි ඔහුට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.


No comments:

Powered by Blogger.